කුවේටය රැස්වීම් තහනම් කරයි



කොරෝනා වෛරසය පැතිරී යෑම වැළැක්වීම සඳහා ගෘහස්ථ රැස්වීම් තහනම් කිරීමට කුවේටය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

රට තුළ පවතින වසංගත රෝග තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය නැවත විමර්ශනය කරන බව රජයේ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.

එපමණක්ද නොව, කුවේටයට  පැමිණෙන සියලුම සංචාරකයින් පැය 72 කට පෙර PCR පරීක්ෂණයකට භාජනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට නගරය)


RECOMMEND POSTS