කුවේටය ප්‍රහාරක යානා 28ක් මිලදී ගනියි



කුවේටය යුරෝෆයිටර් ටයිෆූන් ප්‍රහාරක ජෙට් යානා 28ක් මිලදී ගන්නා බව වාර්තා වේ.

අධි-තාක්ෂණයෙන් යුත් ප්‍රහාරක ජෙට් යානා බවත්, ප්‍රහාරක ජෙට් යානා 28න් දෙකක් කුවේටයේ අලි අල්-සාලෙම් ගුවන් හමුදා කඳවුරට පැමිණි බව කුවේට් සන්නද්ධ හමුදාව ප්‍රකාශ කළේ ය.

ප්‍රහාරක ජෙට් යානා පිළිගැනීමේ උත්සවය මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජෙනරාල්  කලීඩ් සාලේ අල්-සබාගේ ප්‍රධානත්වයෙන් පැවති බවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන උප-ලේකම්, ෂෙයික් ෆහාඩ් ජබර් අල්-අලි අල්-සබා සහ කුවේටයේ ඉතාලි තානාපති, කාර්ලෝ බල්ඩුචි සහභාගි වු බව කුවේට් සන්නද්ධ හමුදා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS