කුණු දැම්මොත් රියාල් 100යි



ඕමානයේ නියමිත ස්ථානවල කුණු බැහැර නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මස්කට් මහ නගර සභාව කටයුතු කරන බව වාර්තා වේ.

ඒ අනුව, අදාල නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට ඕමාන් රියාල් 100ක දඩ මුදලක් අය කරන බව මස්කට් මහ නගර සභාව ප්‍රකාශ කළේ ය.

නැවත නැවත එම වරද සිදු කළහොත් දඩය දෙගුණ කරන බව මස්කට් මහ නගර සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS