ක්‍රීඩා පිටියට වැටුණු සෙල්ලම් බඩු



තුර්කියට බලපෑ භුමිකම්පාවෙන් අසරණ වූ පුංචි දරුවන්ගේ දුක්බර මුහුණුවලට හිනාවක් ගෙනෙන්න තුර්කි වැසියෝ හරි අපූරු දෙයක් කළහ.

මෙම හරි අපූරු දේ කළේ ඉස්තාන්බුල් නුවර, වෝඩා​ෆෝන් පා පන්දු ක්‍රීඩාංණයේදීය. ඒ, තුර්කි සුපර් ලීග් තරගාවලියේ බෙසික්ටාස් සහ ඇන්ටලියාස්පෝර් පා පන්දු කණ්ඩායම් අතර පැවැති තරගය අතරතුරේදීය.

තරගය පටන් අරන් මිනිත්තු 4යි තප්පර 17ක් යද්දී, සෙල්ලම් බෝණික්කන්, ලස්සන ටෙඩි බෙයාලා ඇතුළු තවත් සෙල්ලම් සිය ගණනක් ක්‍රීඩා පිටියට විසි කෙරුණි.

එසෙ කෙරුණේ පසුගිය 6 වැනිදා තුර්කි සිරියා කූමිකම්පාවෙන් විපතට පත්වුණු දරුවන්ට තෑගි දීම සඳහාය. නරඹන්නන් එසේ කළේ කල් තියා ඒ සම්බන්ධයෙන් දැනුවත් වී පැමිණෙමිනි.

පසුගිය පෙබරවාරි 6 වැනිදා හටගත් මෙම භූමි කම්පාවෙන් තුර්කියේත් අසල්වැසි සිරියාවේත් 55,000 ක් ජීවිතක්ෂයට පත්වූහ. ඝානා පාපන්දු ක්‍රීඩක වින්ගර් ක්‍රිස්ටියන් අට්සුට ද ජීවිතය අහිමි වුණැයි පැවැසිණි.

(ඩේලිමේල්)


RECOMMEND POSTS