ක්‍රියාකාරීන්ගේ අභියාචනය ඉවතට



ඊජිප්තු ත්‍රස්ථවාදි ලැයිස්තුවට නම් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීන් පිරිසක් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ප්‍රමුඛ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඇතුළු 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ නම් වසර පහක කාලයකට ත්‍රස්තවාදී ලැයිස්තුවකට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අභියාචනයක් ඊජිප්තු ඉහළ සිවිල් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඊජිප්තුව තුළ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා මුස්ලිම් සහෝදරත්වය සංවිධානය අරමුදල් ලැබෙන බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.
ඔවුන්ගේ නම් 2020 අපේ‍්‍රල් මාසයේ ත‍්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)


RECOMMEND POSTS