කවදාවත් දඩ කලා නැති අත්තා



ඕමාන් ජාතික සුල්තාන් අල්- ගෆ්රි කිසිදිනක පොලීසියෙන් දඩ ලබාගෙන නොමැති බව වාර්තා වේ.

සුල්තාන් අල්- ගෆ්රි 1932දී උපත ලබා ඇති අතර, මුල්වරට 1968 දී වාහනයක් මිලදී ගෙන ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවියේ සඳහන් කර ඇත. 

වාහනය මිලදී ගැනීමෙන් වසර දෙකකට පසු, මස්කට් අගනුවරදී රියදුරු බලපත්‍රය ලබාගෙන ඇත.

විනෝදකාමී ආකාරයෙන් මෝටර් රථය පදවන ආකාරය තමාම අවබෝධ කරගත් බවත්, කිසිම දවසක පැයට කිලෝමීටර් 60 වැඩි වේගයකින් රිය ධාවනය නොකළ බව ඔහු පවසනවා.

මාර්ග නීති අකුරට පිළිපැදීමට කටයුතු කරන ලෙසත්, රිය ධාවනයේදි දුරකථනය භාවිතා කිරීමෙන් වළකින ලෙස සියළුම රියදුරටන්ට ඔහු අවවාද කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS