කටාර් විදේශ ඇමැති ඉරානයේ සංචාරයක



පෙර දැනුම්දීමකින් තොරව, කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණියේය.

කටාර් විදේශ ඇමැතිවරයා ඉරානයට පැමිණියේ, ඇමෙරිකාවට ගොස් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලිකන් හමුවීමෙන් පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කටාර් විදේශ ඇමැති ධුරය පමණක් නොව, එරට අග්‍රාමාත්‍ය ධුරය ද හොබවන්නේ මොහොමද් බින් අබ්දුල් රහ්මාන් අල් තානී ය.

ඉරානයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිතව සිටින රායිසී සහ කටාර් විදේශ ඇමැතිවරයා අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණේ කටාර් රාජ්‍යය සහ ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගනිමිනි.

අල් තානි වොෂින්ටන් අගනුවරදී ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් හමුවුණු අවස්ථාවේදී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

එම න්‍යෂ්ටික වැඩසටහනට යළි සම්බන්ධ වීමට ඇමෙරිකාව උන්නදුවක් දක්වන අතර, ඉරාන නව ජනාධිපතිවරයා හමුවේ ඇමෙරිකාවේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට ද අල් තානී අමතක නොකළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS