කටාර් ලාංකිකයන්ගෙන් පරිත්‍යාගයක්



කටාරයේ වෙසෙන ලාංකිකයින් හා එරට ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කළ තවත් ඔක්සිජන් සිලින්ඩර 125ක් සහ ඔක්සිජන් පාලක යන්ත්‍ර 10 ක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ලංකාව තුල මේවනවිට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයේදී   අසාධ්‍ය රෝගීන් සඳහා පවතින වෛද්‍ය උපකරණ හිඟය ගැන ශ්‍රී ලංකාවේ තානාපති එම්. මෆාස් මොහිදීන් මහතා  කරන ලද හදිසි ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස, මෙම පරිත්‍යාගය විදේශික ශ්‍රී ලාංකික ප්‍රජාව, හිතවතුන් සහ දෝහා වටාද් ගෲප් එන්ටර්ප්‍රයිසස් සමාගම විසින් ලබා දී ඇතැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
 
තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි මෙම භාණ්ඩ තොගය ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ප්‍රවාහනය කළ අතර මෙම සෞඛ්‍ය උපකරණ ලබා දුන්


මෙම ඔක්සිජන් සිලින්ඩර සහ ස්පන්දන ඔක්සිමීටර තොගය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට භාර දී ඇති අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා රජයේ රෝහල් අතර බෙදා හැරීමට අපේක්ෂා කෙරේ.

කෝවිඩ් - 19 වසංගත තත්ත්වය තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය වෙත ගුවන් මගින් පිටත් කර හරින ලද දෙවැනි සෞඛ්‍ය උපකරණ තොගය මෙයවන අතර මීට පෙරද ජූනි මස මුලදී  ශ්‍රී ලංකා තානාපති කාර්යාලාය ලාංකිකයින් හා එරට ව්‍යාපාරික ප්‍රජාව ඔක්සිජන් සිලින්ඩර 150 ක් සහ ස්පන්දන ඔක්සිමීටර් තොගයක්ද  මෙරටට එවීය.

මෙම තීරණාත්මක කාලය තුළ දී කටාරයේ ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට වෛද්‍ය උපකරණ සැපයීම සඳහා අඛණ්ඩව පහසුකම් සපයන බවද ඒම තානාපති කාර්යාලය කියා සිටී.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS