ඕමානයේ දරුවන්ට කොවිඩ් එන්නත දෙයි



ඕමානයේ දරුවන්ට කොවිඩි -19 එන්නත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව, ඕමානයේ නව පාසල් වාරය ආරම්භ කිරීම සඳහා වයස අවුරුදු 12 සහ 12ට වැඩි දරුවන්ට එන්නත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක් ව එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, ඕමානයේ ආණ්ඩුකාර ප්‍රදේශ 11 ආවරණය කරමින් දරුවන් 320,000කට එන්නත් ලබා දීමට කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS