එමි‍රේට්ස් අයට තැන දෙන්න කවුන්සිලයක්



එමිරේට්ස් ජාතිකයන්ට පෞද්ගලික අංශයේ වැඩිපුර රැකියා අවස්ථා ලබාදීම සඳහා කවුන්සිලයක් ඩුබායි නුවර පිහිටුවන බව වාර්තා වේ.

එම කවුන්සිලය “එමිරේට්ස් මානව සම්පත් සංවර්ධන කවුන්සිලය’’ ලෙස නම් කර ඇති අතර, කවුන්සිය පිහිටුවීමේ නියෝගය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් නිකුත් කර ඇත.

කවුන්සිලය පිහිටුවීමෙන් පසු, රාජ්‍ය හා පෞද්ගලික අංශවල නියෝජිතයන් කවුන්සිලය තුළ සිටිමින් එමිරේට්ස් ජාතිකයන්ව පෞද්ගලික අංශයේ රැකියාවලට වැඩිපුර බඳවා ගැනීම සඳහා ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS