එමිරේටයේ නව හැඳුනුම්පතක්



2021 අගෝස්තු මාසයේ සැලැසුම් කළ පරිදි, මේ වනවිට එක්සත් අරාබි එමිරේට්ස් වැසියන්ට නව ඩිජිටල් හැඳුනුම්පත් ලබා දීම ආරම්භ වී තිබේ.

නව හැඳුනුම්පත ඊයේ (11) සිට ලබා දීම සිදුවුණු බව ගල්ෆ් නිවුස් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

පුද්ගලයෙකුගේ පදිංචිය පිළිබඳ විස්තර සහිත ස්ටිකරය තවදුරටත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රයට අදාල නොවන අතර එය මෙම නව හැඳුනුම්පතට එක් කර තිබීම විශේෂත්වයකි.

ඊට අමතරව එම පුද්ගලයා සම්බන්ධ සියලු විස්තර නව හැඳුනුම්පතේ ගබඩා කර තිබේ.

(ගල්ෆ් නිවුස්)


RECOMMEND POSTS