එමිරේටයෙන් ගුවන් ගමන් තහනමක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය රටවල් තුනකට ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ලයිබීරියාව, සියරා ලියොන් සහ නැමීබියා යන රටවල්වලට අදාල ගුවන් ගමන් තහනම පනවා ඇත.

එම රටවල් සමඟ සුපුරුදු පරිදි භාණ්ඩ ප්‍රවාහනය දිගටම සිදු කර ගෙන යන බව එමිරේට්ස් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

එමිරේටය අනුමත කර ඇති එන්නත් මාත්‍රාවක් ලබා ගත් දකුණු අප්‍රිකාකානු සහ ඉන්දියානු සංචාරකයින්ට 2021 ජුනි 24 දින සිට ඩුබායි නුවරට පැමිණීමට අවසර ලබා දුන් බව ඩුබායි ආපදා කළමනාකරණ උත්තරීතර කමිටුව පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS