එමිරේටය හරහා දූවිලි හමා යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය හරහා සුලං සමඟ දූවිලි හමා යන බව එමිරේට්ස් කාලගුණ විද්‍ය මධ්‍යස්ථානය නිවේදනය කළේ ය.

අබුඩාබි, අල් අයින්, ඩුබායි සහ සාජා නුවරට බලපෑමක් එල්ල වන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

ඇතැම් අවස්ථාවලදී, සුළගේ වේගය පැයට කිලෝමීටර් 40ක පමණ විය හැකි බව සඳහන් වේ.

මෝටර් රථ ධාවනය කිරීමේදි වඩාත් ප්‍රවේසම් වන ලෙස අබුඩාබි පොලිසිය රියදුරන්ට අනතුරු අඟවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS