එන්නත නොගත්තොත් ඇතුළු වීම තහනම්



සෞදි අරාබියේ කොවිඩි-19 එන්නත ලබා නොගන්නා පුද්ගලයන්ට ආයතනවලට ඇතුළු වීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

2021 අගොස්තු 01 පසුව අදාල තීරණය ක්‍රියාත්මක කරන බව සෞදි බලධාරිහු ප්‍රකාශ කරති.

සමාජ, සංස්කෘතික, ක්‍රීඩා සහ විනෝදාත්මක රැස්වීම්වලට සහභාගී වීමට මෙන්ම පෞද්ගලික, රජයේ සහ වාණිජ ආයතනවලට ඇතුළුවීම සඳහා අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ කොවිඩ් -19 වැලඳී සුවය ලබා තිබිය යුතු බව සෞදිය සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය නිවේදනය කර තිබේ.

කොවිඩ් -19 එන්නත මාත්‍රා මිලියන විසි හතක් මේ දක්වා ලබා දී ඇති අතර, මිලියන 8.1 කට වැඩි පිරිසකට එන්නත මාත්‍රා දෙකම ලැබී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS