එකම පවු‍ලේ තිදෙනෙකු මුහුදට බිලිවෙයි



ඕමානයේ අල්-සවාඩි මුහුදේ ගිලීමෙන් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

පස් දෙනෙකුගෙන් යුත් එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනෙකු දියේ ගිලිමෙන් ජීවිතක්ෂයට පත් වී ඇ.ති බවත්, මව සහ එක් දරුවෙකු බේරාගැනීමට හැකි වී ඇති බවසිවිල් ආරක්ෂක සහ ගිලන්රථ දෙපාර්තමේන්තුවනිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

ආරක්ෂිත ස්ථානවල පමණක් ස්නානය කරන ලෙසත්, නම් නොකල ස්ථාන භාවිතා නොකරන ලෙසත්, දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ඕමාන් සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS