උණුවතුර බෝතල් තහනම් කරයි



කුවේටයේ පාසල් තුළ උණුවතුර බෝතල් භාවිතා කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ.

ප්‍රාථමික පාසලක් තුළසිසුන් අතර ඇති වු ගැටුමකදී සිසුවෙකුටඋණුවතුර බෝතලයකින් පහරදීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

එම සිද්ධියෙන් පසු, සියලුම පාසල්වල උණුවතුර බෝතල් භාවිතා කිරීම කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය තහනම් කර ඇත.

කුවේට් පාසල් සිසුන් අතර ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමක් පසුගිය කාලය තුළ වාර්තා වී ඇති අතර, ගැටුමක් විසඳීමට ගිය ගුරුවරයෙකුට පිහිකින් ඇන ඇති බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS