ඊශ්‍රායලයේ යළිත් වෙඩි තැබීමක්



ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර ආසන්නයේ තදාසන්න ප්‍රදේශයක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බව ආරක්ෂක අංශ කියයි. ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවැසුවේ සතියක් ඇතුළත සිදුවුණු තෙවැනි ත්‍රස්ත ප්‍රහාරය මෙය බවය.වෙඩි තැබීම සිදුවූයෙ ‘නෙයි බාක්’ ප්‍රදේශයේය. මෙය යුදෙව් දැඩි මතධාරීන් වෙසෙන ප්‍රදේශයක් යැයි ද පැවැසෙයි.

ප්‍රහාරය එල්ල කළ තරුණයා මුස්ලිම් අන්තවාදියකු තරුණයකු බවත්, දයේෂ් හෙවත් අයි.එස්. සාමාජිකයකු යැයි සැක කරන බවත් පොලිසිය පවසයි.

දියා හමාර්ෂා නමැති ඔහු පොලිස් වෙඩි පහරින් මියගියේය. ස්වයංක්‍රීය ගිනි අවියකින් සන්නද්ධව සිටි තරුණයා දකින දකින සැමට වෙඩි තබන්න වූ බව සිද්ධිය දුටුවෝ පවසති. වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් 8 දෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වේ.

මේ අතර, පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් සිදුවුණු මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ. ඒ, වෙඩි තැබීමේ සිදුවීම කිසිසේත් අනුමත නොකරන බව ද පෙන්වා දෙමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS