ඊශ්‍රායලයෙන් ’ෆලොරෝනා’ රෝගීන්



'කොවිඩ් 19' සහ 'ඉන්ෆ්ලුවෙන්සා' වයිරස දෙකම එකවර ආසාදනය වූ ගැබිනියක හමුවුණු බව ඊශ්‍රායල සෞඛ්‍ය අංශ පවසයි.
'කොවිඩ් 19' සහ 'ඉන්ෆ්ලුවෙන්සා' වයිරස දෙකම එකවර ආසාදනය වූ විට එම රෝගී තත්ත්වය හැඳින්වෙන්නේ 'ෆ්ලොරෝනා' යන නමිනි.

ඇරෑබ් නිවුස් පුවත් සේවයට අනුව, 'ෆ්ලොරෝනා' ආසාදිතයකු ගැන ලොව වාර්තා වූ පළමු අවස්ථාව ද මෙයයි. මෙම ගැබිනි කාන්තාව පූර්ණ එන්නත්කරණයට ලක් වුණු තැනැත්තියක බව ද පැවැසෙයි. 'කොවිඩ් 19' සහ 'ඉන්ෆ්ලුවෙන්සා' වයිරස දෙකෙහිම රෝග ලක්ෂණ එක සමානය.

ඊශ්‍රායලය මේ වනවිට සිවුවැනි එන්නත් මාත්‍රාව එරට වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ. සිවුවැනි මාත්‍රාව ලබා දීම සිදුවන්නේ තෙවැනි එසේත් නැතිනම් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන සති 10 ක් ගත වීමෙන් පසුවය.

ඊශ්‍රායලයේ පළමුවෙන් සිවුවැනි මාත්‍රාව ලැබෙන්නේ 60 ට වැඩි වැඩිහිටියන්ට, ප්‍රතිශක්ති උණතා ඇති අයට සහ සෞඛ්‍ය අංශ ඉදිරි පෙළ සාමාජිකයන්ටය.

ඊශ්‍රායලය සිවුවැනි එන්නත් මාත්‍රාව ලබා දෙන්නේ එරට 'ඔමික්‍රෝන්' වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනි. ඊශ්‍රායලයෙන් දෛනික වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 5,000 සීමාවේ පවතී. ඊශ්‍රායලයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 14,995 තෙක් ඉහළ ගොස් තිබේ.

(ඇරෑබ් නිවුස්)


RECOMMEND POSTS