ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්



සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉලක්ක කිහිපයකට ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.

එම ප්‍රහාරයෙන් එක් සිරියානු සොල්දාදුවකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.

ඊශ්‍රායලය මෙම මිසයිප ප්‍රහාරය එල්ල කළේ යැයි පැවැසෙන්නේ, සිරියාවෙන් ඊශ්‍රායලයට එල්ල වුණු මිසයිල ප්‍රහාරයකට එකට එක කිරීමක් ලෙස යැයි පැවැසෙයි.

එම මිසයිල ප්‍රහාරය ඊශ්‍රායලයට එල්ල වූයේ පසුගිය 9 වැනිදාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS