ඊශ්‍රායලය පිළිගන්නේ නෑ



බහරේනයේ හමාද් බින් ඊසා අල් කලීෆා රජු, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා පවත්වා, ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීම, බහරේන් විපක්ෂයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

විරෝධය පළ කරමින්, බහරේන විපක්ෂය පෙන්වා දී ඇත්තේ, පලස්තීන මුස්ලිම් වැසියන්ට කෙණෙහිලිකම් කරන යුදෙව් ඊශ්‍රායලය කිසිසේත් තමන් පිළි නොගන්නා බවය. බහරේන් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට ඉරානයේ සහාය නොඅඩුව හිමිවෙයි.

බහරේනය සහ ඊශ්‍රායලය අතර යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ, ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. මේවනවිට ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතරේ ද යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වෙයි.

මනාමාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS