ඊශ්‍රායලය නව පුරවැසි නීතියක් හඳුන්වා දෙයි



බටහිර ඉවුරේ හෝ ගාසා තීරයේ සිටින,පලස්තීන ජාතිකයන්ට ඊශ්‍රායල පුරවැසියන් සමඟ විවාහ වීම තහනම් කිරීමේ නව නීතියක් සම්මත කර ගැනීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

එම නව නීතියට අනුව පලස්තීන පවුල් දහස් ගණනකට සංක්‍රමණය වීමට හෝ වෙන්ව ජීවත් වීමට බල  කෙරෙනු ඇතැයි අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙයි.

'පුරවැසි නීතිය' යනුවෙන් නම් කෙරුණු මෙමහ නව නීතිය ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාවට ඉදිරිපත් කෙරුණු බව පැවැසෙන්නේ පසුගිය 10 වැනිදාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS