ඊශ්‍රායල වැසියන්ට මාස්ක් ඕනෑ නෑ



ඊශ්‍රාය‍ලයේ කොරෝනා පාලනය වී ඇති හෙයින්, මුහුණු ආවරණ සම්බන්ධයෙන් පැනැවූ නීති ලිහිල් කරන බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.

ඊශ්‍රායලයේ කොරෝනා ආසාදිතයන් අඩුවී, වයිරස ව්‍යාප්තිය පාලනය වී ඇත්තේ, එරට වැසියන්ගෙන් හරි අඩකට මේ වනවිට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී ඇති බැවිනි.

ඊශ්‍රායල වැසියන්ට ලබා දී ඇත්තේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නතය. මේ වනවිට ලොව ඇති සාර්ථකත්වයෙන් වැඩිම එන්නත ලෙස සැලකෙන්නේ ද මෙම 'ෆයිසර්' එන්නතය.

මුහුණු ආවරණ සම්බන්ධයෙන් නීති ලිහිල් කළත්, පොදු ප්‍රවාහන සේවා භාවිතයට ගැනීමේ දී, පිරිසක් රැස්වෙද්දී මුහුණු ආවරණ පැලැදීම සුදුසු යැයි ද සෞඛ්‍ය බලධාරීන් ඊශ්‍රායල වැසියන්ට උපදෙස් දී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS