ඊශ්‍රායල වැසියන්ට ඉන්දියාව තහනම්



ඉන්දියාව ඇතුළු රටවල් 6 කට යෑම ඊශ්‍රායල වැසියන්ට තහනම් කර තිබේ. ඒ, ඉන්දියාව ඇතුළු එම රටවල දරුණු ලෙස 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමිනි.

ඉන්දියාව ට අමතරව, ඊශ්‍රායල වැසියන්ට තහනම් කළ සෙසු රටවල් වන්නේ යුක්රේනය, බ්‍රසීලය, ඉතියෝපියාව, දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව සහ තුර්කියයි.

මෙම තහනම ලබන හෙට (3) සිට 16 තෙක් ක්‍රියාත්මක වනු ඇතැයි ද ඊශ්‍රායල රජය කියයි. කෙසේ නමුත්, එම රටවල ස්ථිර පුරවැසියන් සිටින්නේ නම්, ඔවුන්ට එම රටවලට යෑමට බාධාවක් නැතැවි ද රජය පැහැදිලි කර තිබේ.

ඊට අමතරව, එම රටවලින් පැමිණ, ඊශ්‍රායලය හරහා වෙනත් ගුවන් යානයකට ගොඩවන අයට ද පැය 12 ක කාලයක් ගුවන්තොටුපොළේ රැදී සිටීමට අවසර ලබා දී ඇත.

මීට අමතරව, වෙනත් රටවල සිට එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඊශ්‍රායලය පැමිණෙන ඕනෑම කෙනකු සති දෙකක නිරෝධායන කාලයනකට යටත් විය යුතු බව ද ඊශ්‍රායල රජ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS