ඊශ්‍රායල ජනාධිපති එමිරේට්ස් රාජ්‍යයේ



ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හෙරෝස් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා පැමිණියේය.

මෙය අයිසෙක් හෙරෝස් පමණක් නොව, ඊශ්‍රායල ජනාධිපතිවරයකු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණි පළමු අවස්ථාවය.

මේ වනවිට නොහොඳ නෝක්කඩු අවසන් කරමින් ඊශ්‍රායලයත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් අතරේ යහපත් සබඳතා වර්ධනය වී ඇත. ඊශ්‍රායල ජනාධිපතිවරයා සමග ජනාධිපති ආර්යාව ද මෙම සංචාරයට එක් වී සිටී.

ඊශ්‍රායල ජනාධිපතිවරයා සහ ආර්යාව පිළිගත්තේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නයාන්ය.

ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පමණක් නොව, තවත් මුස්ලිම් රටවල් වන බහරේනය, භූතානය සහ මොරොක්කෝව ද ඊශ්‍රායලය සමග යහපත් සබඳතා මේ වනවිට ආරම්භ කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS