ඊශ්‍රායල අගමැතිට බහුතරය අහිමි වෙයි



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය.

ඒ සමඟම ඊශ්‍රායල දේශපාලනයේ නව අර්බුදයක් නිර්මාණය වූ අතර, දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපති බෙන්ජමින් නෙදන්යාහු යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට මෙම අර්බුදය හේතුවක් වනු ඇති බවය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් නායකත්වය දෙන්නේ ‘යමීනා’ පක්ෂයටය. ‘යමීනා’ පක්ෂය සන්ධාන රජයක් පිහිටුවා ඇත්තේ විවිධ පක්ෂ කිහිපයක් එක් කර ගනිමිනි.

‘යමීනා’ පක්ෂයේ සාමාජිකත්වයෙන් ඊදිත් සිල්මාන් මන්ත්‍රීවරිය ඉවත් විය. ඊදිත් සිල්මාන් ‘යමීනා‘ පක්ෂයේ ප්‍රධාන පෙළේ සාමාජිකාවක වූවාය. අග්‍රාමාත්‍යවරයාට බහුතරය අහිමි වූයේ ඒ අනුවය.

(රොයිටර්)


RECOMMEND POSTS