ඊශ්‍රායල අගමැතිට කොවිඩ්



ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ අරාබි රටවල විදේශ ඇමැතිවරුන් හවුල් කර ගනිමින් පසුගිය සති අන්තයේ විශේෂ සමුළුවක් පැවැත් වූ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු විය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ, මොරොක්කෝවේ සහ බහරේනයේ විදේශ ඇමැතිවරු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ගේ ප්‍රධානත්වයෙන් ඊශ්‍රායලයේ පැවැත් වුණු අරාබි සමුළුවට සහභාගී වූහ. යුදෙව් ඊශ්‍රායලයේ අරාබි සමුළුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

තමන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගත් නමුත් තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව නෆ්තාලි බෙනට් පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS