ඊශ්‍රායල අගමැතිට ඇමතුමක්



අර්බුදය සාමකාමී ආකාරයට විසඳා ගැනීම සම්බන්ධයෙන් තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.

රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ද ඉදිරිපත් වී සිටී. පසුගිය සතියේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙර දැනුම් දීමකින් තොරව මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡාවක් ද පැවැත්වීය.

රුසියන් හමුදා යුක්රේනයේ මෙලිටොපෝල් නමැති නගරයේ නගධාරිපතිවරයා පැහැරගෙන ගොස් ඇති අතර, ඔහු නිදහස් කර ගැනීමට රුසියාව සමඟ සාකච්ඡා කරන්නැයි සෙලන්ස්කී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.‍

රුසියන් හමුදා මෙලිටොපෝල් නගරාධිපති අල්ලා ගෙන ඔහුගේ මුහුණ ආවරණය කර රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද බටහිර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS