ඊශ්‍රායල ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි
ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හෙර්සොග් ලන්ඩන් නුවරදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් හමුවිය. ලන්ඩන් නුවර අංක 10 වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණි ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හෙර්සොග්ට, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ගාසා තීරයේ ගාමසා වැසියන් පීඩාවට පත්වීම, කුසගින්නේ මියයෑම සහ ඊශ්‍රායලයෙන් නොකඩවා ගාසා තීරයට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය කනස්සල්ල පළ කළ අතර, ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හෙර්සොග් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කළේය.
තව නොබෝ දිනකින් ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇරැඹේ. එම සමුළුවේදී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට බ්‍රිතාන්‍යය සූදානමින් සිටී. බ්‍රිතාන්‍යය පමණක් නොව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය ද පවසා ඇත්තේ පලස්තීනය වෙනම රාජයයක් ලෙස පිළිගන්නා බවය.