ඉලෙක්ට්‍රෝනික් ගණුදෙනු අනිවාර්ය කරයි



ඕමානය ඉලෙක්ට්‍රෝනික් මුදල් මඟින් ගණුදෙනු කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

වාණිජ කටයුතු කීපයක් සඳහා ඉලොක්ට්‍රෝනික් මුදල් මඟින් ගණුදෙනු කිරීම අනිවාර්ය  කරන බව වාණිජ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ප්‍රකාශ කළේ ය.

ඉලොක්ට්‍රෝනික් මුදල් මඟින් ගණුදෙනු කිරීම 2022 වර්ෂයේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක කරන බවත්, අදාල ආයතනයන් වෙත දැණුම් දී ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඕමානයේ 2040 දැක්ම යටතේ අදාල තීරණය ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS