ඉරානයේ රහස් භූගත ඩ්‍රෝනා අංගනය



ඉරාන හමුදාව සතු රහස් භූගත ඩ්‍රෝන යානා කඳවුරක් පිළිබඳව හෙළිදරව් කර ඇති බව වාර්තා වේ. නමුත්, භූගත කඳවුර පිළිබඳව වැඩි විස්තරයක් ලබාදීමට ඉරාන හමුදාව කටයුතු කර නොමැත.

භූගත කඳවුර තුළ ඩ්‍රෝනා යානා 100ක් තබා තිබෙන අතර, ඉරානයේ නිෂ්පාදිත Qaem-9 මිසයිල ඩ්‍රෝයා යානාවලට සවි කර ඇත.

ඉරානය කලාපයේ බලවත්ම හමුදාව බවට සැකයක් නැති බව ඉරාන හමුදාපති, මේජර් ජෙනරාල් අබ්දුල්රහීම් මුසාවි පැවසීය.

ඩ්‍රෝන යානා වැඩිදියුණු කිරීමේ අපගේ හැකියාව කිසිදු ආකාරයකින් නතර කළ නොහැකි යැයි ඉරාන හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS