ඉරානයේ පාසල් යළි ඇරෙයි



'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් වසා දැමුණු පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු සියලු අධ්‍යාපන ආයතන සුපුරුදු පරිදි සම්පූර්ණයෙන් විවෘත කිරීමට අධ්‍යාපන අමත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙසේ අධ්‍යාපන ආයතන විවෘත කිරීම සිදුවූයේ වසර චදකකට පසුවය. අද (4) ශුද්ධ වූ රාමදාන් මාසය ආරම්භ වීමත් සමග පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන විවෘත කරන බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

මැදපෙරදිග කලාපයේ 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ රාජ්‍යයක් ලෙස ඉරානය සැලකෙයි. ඉරානය 'කොවිඩ් 19' වසංගතයට මුහුණ දුන්නේ ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේය.

වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමට පියවර ගැණුනේ 2020 පෙබරවාරි මාසයේ සිටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS