ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය හිටිහැටියේ නැවතිලා



ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු හිටිහැටියේ අඩපණ වූ බව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන බලශක්ති අධිකාරිය පැවැසීය.

ඉරානයේ ප්‍රධාන මෙන්ම එකම න්‍යෂ්ටික බලශක්ති බලාගාරය වන්නේ 'බුෂීර්' බලාගාරයයි.

බලාගාරයේ කාර්මික දෝෂයක් සිදුවුනු බැවින් එහි කටයුතු මුළුමනින්ම අක්‍රිය කර දෝෂය නිවැරදි කිරීමට කටයුතු ආරම්භ කළේ යැයි ඉරාන බලශක්ති අධිකාරිය නිකුත් කළ නිවේදයේ දැක්වෙයි.

බලාගාරයේ කටයුතු යළි යථාතත්ත්වයට පත් කිරීමට දින කීපයක් ගතවනු ඇති බවත්, ඉරාන බලශක්ති අධිකාරිය පවසා තිබේ. කෙසේ නමුත් සිදුවුණු දෝෂය සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් පවසා නැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

තෙහෙරාන් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS