ඉරානයෙන් ඉරාකයට රොකට් ප්‍රහාරයක්



ඉරානයෙන් ඉරාකයට රොකට් ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය එල්ල කළේ ඉරාන හමුදාවය.

රොකට් ප්‍රහාරයේ ඉලක්කය වූයේ ඉරාකයේ කොයියේ නගරයේ පිහිටි ‘ඉරාන කුර්දිස්තාන’ පක්ෂ මූලස්ථානයටය. රොකට් ප්‍රහාරයෙන් එක් අයකු මියගිය බව ද පැවැසෙයි.

කොයියේ නගරය පිහිටා ඇත්තේ උතුරුදිග ඉරාකයේ, කුර්දිස්තානයේ අගනුවර ලෙස සැලකෙන ඉර්බිල්වලට ආසන්නයේය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 10 ක් යැයි කොයියේ නගරාධිපති තරීක් හයිඩාරි මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

‘ඉරාන කුර්දිස්තාන’ පක්ෂය, ත්‍රස්ත සංවිධානයක් ලෙස ඉරාන රජය සලකයි. පක්ෂ මූලස්ථානය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාරය එල්ල කළේ ඉරාන විප්ලවීය හමුදාවය.

(රොයිටර්)


RECOMMEND POSTS