ඉරානය බ්‍රික්ස් සාමාජිකත්වය ඉල්ලයි



ඉරානය, ලොව නැගී එන ආර්ථික බලවතුන් ලෙස සැලකෙන 'බ්‍රික්ස්' කණ්ඩායමේ සාමාජිකත්වය අපේක්ෂා කරයි.

'බ්‍රික්ස්' යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. 'බ්‍රික්ස්'  යන වදන නිර්මාණය වී ඇත්තේ සාමාජික රටවල ඉංග්‍රීසි නාමයේ මුලකුරු එක් කරමිණි.

ඉරානය පමණක් නොව, ලතින් ඇමෙරිකා කලාපීය රටක් වන ආජන්ටිනාව ද 'බ්‍රික්ස්'  සාමාජිකත්වය අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.

ඉරානය මෙන්ම ආජන්ටිනාව ද 'බ්‍රික්ස්' සාමාජිකත්වය ඉල්ලා අයැදුම්පත් යොමුඅ කර ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS