ඉරාන විප්ලවීය හමුදා නිලධාරියෙක් මරා දැමේ



ඉරාන විප්ලවීය හමුදාවේ අතිරේක හමුදා බලඇණියක් ලෙස සැලකෙන ‘ක්වඞ්ස්’ බළඇණියේ ඉහළ නිලධාරියකු වන හසාන් සයාද් කොඩයියාරී ඝාතනයට ලක් විය.

යතුරු පැදිවලින් පැමිණි තුවක්කුකරුවන් කණ්ඩායමක්, තෙහෙරාන් අගනුවරදී කොඩයියාරී ට වෙඩි තබා ඝාතනය කළේ යැයි ඉරාන රජය පවසයි.

වෙඩි තැබීම සිදුවූයේ සවස 4 ට පමණ මොජහිදීන් ඊ ඉස්ලාම් නමැති වීදියේදීය.

එය සතුරු ප්‍රහාරයක් බවත්, ඝාතකයන් සොයා කඩිනමින් විමර්ශන පැවැත්වෙන බවත් ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉරාන විප්ලවීය හමුදාවට අයත් ‘ක්වඞ්ස්’ බලඇණිය ත්‍රස්ත හමුදාවක් ලෙස ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සලකයි. ඉරාන බුද්ධි අංශ පෙන්වා දී ඇත්තේ ඝාතනය පසුපස ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය හෝ සිටිය හැකි බවය.

කොඩයියාරී, ‘ක්වඞ්ස්’ බලඇණියේ කර්නල්වරයකු යැයි ද ඉරාන හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS