ඉරාන විදෙස් ඇමැති ඉන්දියාවේ සංචාරයක



ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණි ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලහියාන් සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතරේ හමුවක් නවදිල්ලියේදී පැවැත්විණි.

ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. ඊට අමතරව, ඇෆ්ගන් සහ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් දෙදෙනකු මහම්මත්තුමාට අපහාස වන ආකාරයට කළ අදහස් දැක්වීමක් හේතුවෙන් ගල්ෆ් මුස්ලිම් රටවල් සහ ඉන්දියාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත. එම අර්බුදය සම්බන්ධයෙන් ද විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS