ඉරාන ප්‍රහාරක යානයක් කඩා වැටේ



ඉරානයේ එෆ්-5 ප්‍රහාරක ජෙට් යානාවක් පාසලකට කඩා වැටී තුන් දෙනෙකු මරණයට පත්ව ඇත.

අද (21) දින උදෑසන පෙරවරු 9 ට පමණ මධ්‍යම ටබ්‍රීස් ප්‍රදේශයේ පාසලකට මෙම ජෙට් යානාව කඩා වැටී තිබේ.

පාසල කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබී ඇති අතර ඒ හේතුවෙන් විශාල ජීවිත හානියක් සිදු වන්නට තිබුණු අවස්ථාවක් මගහැරුණු බව ඉරාන බලධාරීහු ප්‍රකාශ කළහ.

මියගිය තිදෙනාගෙන් එක් අයෙක් ටබ්‍රීස් හි පදිංචිකරුවෙකු වන අතර අනෙක් දෙදෙනා යානයේ ගුවන් නියමුවා සහ සහයකයා යැයි පැවැසෙයි.

ඉරාන ගුවන් හමුදාව 1979 ඉස්ලාමීය කැරැල්ලේදී භාවිතයට ගත් එෆ්-4 සහ එෆ්-5 ප්‍රහාරක ජෙට් යානා තවමත් භාවිතා කරන අතර මෙසේ කඩා වැටී ඇත්තේ එම එෆ්-5 ගුවන් යානාවකි.

විමුක්ති එස් රුද්‍රිගු
අල්-ජසීරා


RECOMMEND POSTS