ඉරාන නිළි තරානේ අලිදෝසි නිදහස ලබයි



ඉරාන ආරක්ෂක අංශ, අත්ඩඅංගුවේ සිටි, ජනප්‍රිය මෙන්ම සම්මානනීය ඉරාන නළි තරානේ අලිදෝසි ට නිදහස හිමිවී තිබේ.
අලිදෝසි ඇපමත නිදහස ලැබුවේ සති දෙකකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන් පසුව යැයි ඉරාන පුවත් සේවා වාර්තා කර තිබේ.

පසුගිය දෙසැම්බරයේ ඉරාන රාජ්‍ය විරෝධියකු මරා දැමීමට ඉරාන රජය කටයුතු කළේය. එය ඉරාන වැසියන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට හේතුවක් විය.

ඉරාන ආරක්ෂක අංශ අලිදෝසි අත්අඩංගුවට ගත්තේ, ඇය එම සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන රජය ප්‍රසිද්ධියේ විවේචනය කළ බැවිනි.

අලිදෝසි වහා විදහස් කරන්නැයි සමාජ මාධ්‍ය හරහා ඉරාන රජයට විවිධ බලපෑම් එල්ල වී තිබුණි. 2016 වසරේ ‘ඔස්කාර්’ සම්මානයට පවා පාත්‍ර වූ ‘ද සේල්ස්මන්’ චිත්‍රපටයේ අලිදෝසිගේ රංගනය දැකිය හැක. ඊට අමතරව, ඉරාන රූපවාහිනී ටෙලි කතා රැසකට ද අලිදෝසි එක් වී සිටින්නීය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS