ඉරාන ජනාධිපතිවරණය හෙට



ඉරාන ජනාධිපතිවරණය හෙට (18) පැවැත්වෙයි. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් සිවු දෙනකු ඉදිරිපත් වනු ඇත. මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටින ගණන මිලියන 59.3 කි.

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඉරානය, සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටිද්දීය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව, ඡන්ද කටයුතු පැවැත්වීමට නියමිත නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් ඉරාන වැසියන් ඡන්ද පොළ වෙත පැමිණෙන ප්‍රතිශතය ඉතා අඩු අගයක් ගනු ඇතැයි මැතිවරණ කොමිසම පවසා ඇත.

ඉරානය යනු කොරෝනා වසංගතය හේතුවෙන් දරුණු ලෙස බැට කන මැදපෙරදිග රාජ්‍යයයි. ඉරානයේ මේ වනවිට සිදුවී ඇති කොරෝනා මරණ ගණන 82,000 ඉක්මවා තිබේ.

හෙට (18) පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් කීප දෙනකු ඉදිරිපත් වූ නමුත්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනි යටතේ ඇති සාමාජිකයන් 12 දෙනකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබ ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ සිවු දෙනකු පමණි.

අපේක්ෂකයන් සිවුදෙනාගෙන් ඉදිරියෙන්ම සිටින්නේ 60 හැවිරිදි ඊබ්‍රහීම් රායිසීය. ඉරානයේ අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ මොහුය.

තෙහෙරාන්හිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS