ඉරාන ජනාධිපති රයිසි කටාරයේ



දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, දෝහා කටාර් පැමිණ, කටාර් එමීර් තමීම් බින් හමාද් අල් තානී සමග සාකච්ඡා පැවැත්වීය.

ඉරාන ජනාධිපති කටාර් සංචාරයට පැමිණියේ කටාර් හි පැවැත්වෙන ‘ස්වභාවික වායු නිෂ්පාදිත රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන GECF සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය.

රයිසි සමග ඉරාන රජයේ අමාත්‍යවරුන් කණ්ඩායමක් ද කටාර් රාජ්‍යයට පැමිණි බව පැවැසෙයි.

දෙදින නිල සංචාරයේ දී ඉරානයත් කටාර් රාජ්‍යයත් අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. දෙරටට වැදගත් වන ආකාරයේ ගිවිසුම් කීපයකට ද අත්සන් තැබුණු බව අල් ජසීරා පුවත් ​සේවය පවසයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS