ඉරාන ජනාධිපති ඕමානයට



ඉරාන ජනාධිපති, ඊබ්‍රහිම් රයිසි ඕමානයට පැමිණ සාකච්ඡා කර ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.
ඕමාන් සුල්තාන් හයිතම් බින් තාරික් සිය රාජකීය මාලිගයේදී ආචාර මුර වෙඩි 21ක් පවත්වා  ඉරාන ජනාධිපතිවරයාව පිළිගෙන ඇත.

ආයෝජන, ක්‍රීඩා, කෘෂිකර්මය, ධීවර, පශු සම්පත්, සමුද්‍ර ප්‍රවාහනය, වරාය, සැපයුම්, තෙල් සහ ගෑස් යන ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කරගැනීමට ඉරාන ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත.

සංචාරය අවසානයේදී, ඉරාන ජනාධිපතිවරයා සුල්තාන් හයිතම් බින් තාරික්ගේ ආගන්තුක සත්කාරවලට ස්තූතිය පළ කළ අතර, ඉරානයේ සංචාරයක නිරත වන ලෙස සුල්තාන්වරයාට ආරාධනාවක් ද කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS