ඉරාන අත්අඩංගුවේ සිටි නවසීලන්ත යුවළ නිදහස්



ඉරාන අත්අඩංගුවේ සිටි නවසීලන්ත ජාතික යුවළක් නිදහස් කිරීමට ඉරාන බලධාරීන් තීරණය කර ඇකි බවත්, එම යුවළ මේ වනවිට යළි නවසීලන්තය වෙත පැමිණෙමින් සිටින බවත් අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පවසා තිබේ.

ඉරාන අත්අඩංගුවේ සිට නිදහස ලැබූ නවසීලන්ත ජාතිකයන් වන ටෝපර් රිච්වයිට් සහ බ්‍රිජට් තැක්වේර් යන දෙදෙනා සංචාරක බ්ලොක් සටහන්කරුවන්ය.

මොවුන් දෙදෙනා මීට සිවු මසකට පෙර ඉරානයට ඇතුළුවීමෙන් පසු හිටිහැටියේ අනතුරුදන් විය. පසුව අනාවරණය වූයේ ඔත්තු බැලුවැයි චෝදනා කරමින්, ඉරාන පොලිසිය මෙම යුවළ අත්අඩංගුවට ගත් බවය.

(රොයිටර්)


RECOMMEND POSTS