ඉරාකයේ මහ මැතිවරණයක්



නව දේශපාලන ප්‍රතිසංස්කරණ හදුන්වාදීමේ අරමුණින්, ඉරාක පාර්ලිමේන්තු මැතිවරණය අද (10) ආරම්භ විය.

මැතිවරණය පැවැත්වෙන්නේ තමන් අපේක්ෂා කළ ආකාරයට නොවන බවත්, දූෂණ වංචා ඇතිවීමේ අවදානමක් ඇති බවත් පෙන්වා දෙමින් දේශපාලන පක්ෂ බොහොමයක් එය වර්ජනය කර තිබේ.

ඡන්ද ප්‍රකාශ කිරීම ඉරාකයේ වේලාවෙන් උදේ 7 ට ආරම්භ විය. කෙසේ නමුත් මහ මැතිවරණය කෙරෙහි ජනතා උනන්දුව ඉතා අඩු යැයි ඉරාක මාධ්‍ය වාර්තා කර තිබේ.

බැග්ඩෑබ් අගනුවර පාසලක ස්ථාපිත කළ ඡන්ද පොළකට සවස් වන තුරු පැමිණියේ කිහිප දෙනකු පමණක් බව මැතිවරණ බලධාරීහු පවසති.

(අල් ජසීරා)


RECOMMEND POSTS