ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නක්



ඉරාකයේ කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවක හටගත් ගින්නකට පනස් දෙදෙනක් බිලිවූහ. තවත් විසි දෙදෙනක් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා දිවි ගලවා ගත්හ.

ගින්න හටගෙන ඇත්තේ දකුණුදිග ඉරාකයේ නසිරියා නගරයේ අල් හුසේන් රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කළ වාට්ටුවේය. මෙම වාට්ටුව ඉරාක සිවිල් ආරක්ෂක කණ්ඩායම් යටතේ පවතින බව ද පැවැසෙයි.

ගින්න හටගැනීම සම්බන්ධයෙන්, ඉරාක සෞඛ්‍ය බලධාරීන්ට ඉරාක වැසියන්ගෙන් දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී. ඉරාක සෞඛ්‍ය පද්ධතිය ඉතා දුර්වල තත්ත්වයක පවතින අතර, කොරෝනා වසංගතයත් සමඟ එය මේවනවිට අඩපණ වී ඇතැයි පැවැසෙයි.

ඉරාකයේ කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවක ගින්නක් හටගත් දෙවැනි අවස්ථාව මෙයයි. පසුගිය අප්‍රේල් මාසයේ බැග්ඩෑඩ් අගනුවර රෝහලක මේ අයුරින්ම ගින්නක් හටගත්තේය. ඊට බිලිවුණු ගණන 82 කි. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය. එම ගින්නට හේතුව ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑම යැයි පරීක්ෂණවලින් අනාවරණය විය.

බැග්ඩෑඩ්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS