ඉරාකයට මහ වැසි: ජල ගැලීම්වලින් 8 ක් මරුට



උතුරුදිග ඉරාකයේ කුර්දිස්තානයට මහ වැසි ඇදහැලෙන්න වූ බවත්, හදිසියේ හටගත් ජල ගැලීම්වලින් කුර්දිස්තානයේ එර්බිල් නගරයට හානි සිදුවුණු බවත් වාර්තා වේ. ජල ගැලීම් නිසා නගරයේ අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මියගිය අට දෙනා අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් සිටින බව ප්‍රාන්ත ආණ්ඩුකාර එමිඩ් කොෂ්නෝව් පවසා ඇත. හදිසියේ හටගත් සැඬ ජල පහර නගරයට කඩා වැදී ඇත්තේ රාත්‍රියේ නගර වැසියන් නිදා සිටිද්දීය. කාන්තාවන් සහ දරුවන් සැඬ පහරට හසුවුණු බව පැවැසෙන්නේ ඒ අනුවය.

(රොයිටර්)


RECOMMEND POSTS