ඉන්දු-එමිරේට්ස් සබඳතා තවත් ශක්තිමත් වෙයි



ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේදී  විශාල ලෙස වර්ධනය වන බව වාර්තා වේ.
ඉන්දු - එම්රේට්ස් සබඳතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ ලේකම්, හර්ෂ වර්ධන් ශ්‍රින්ග්ලා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක්  ඉදිරියේදි අත්සන්  කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවත්, එම සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් පවතින බව ඉන්දීය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

තාක්‍ෂණ, මූල්‍ය සහ බලශක්ති යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් ඩුබායි නුවර )


RECOMMEND POSTS