ඉන්දීය නියෝජිතයෝ තලේබාන් හමුවෙති



ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගත් තලේබාන් සාමාජිකයන් සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් අතරේ හමුවක් පැවැත්විණි. හමුව පැවැත් වූයේ දෝහා කටාර්හි තලේබාන් සාම කාර්යාලය හරහාය. සාකච්ඡා සඳහා දෙපාර්ශ්වයට අවස්ථාව උදා කර දුන්නේ කටාර් රාජ්‍යයයි.

තලේබාන් සංවිධානයේ දේශපාලන නායක මොහොමඩ් අබ්බාස් සහ කටාර් රාජ්‍යයේ ඉන්දීය තානාපති දීපක් මිත්තාල් මෙම සාකච්ඡා සඳහා නායකත්වය දුන් බව පැවැසෙයි. ඇෆ්ගනිස්තානයේ ඉතිරි වී සිටින ඉන්දීය ජාතිකයින් ආරක්ෂිත ව ඉවත් කරගැනීම සම්බන්ධයෙන් එහි දී අවධානය යොමු විය.

ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව තලේබාන් සංවිධානය වෙනුවෙන් දේශපාලන නායක මොහොමඩ් අබ්බාස් ප්‍රතිඥා දුන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS