ඉන්දියානු නිෂ්පාදන වර්ජනය කරයි



කුවේට් සුපිරි වෙළඳසැලක් ඉන්දියානු නිෂ්පාදන වර්ජනය කරන බව වාර්තා වෙයි.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් මුහම්මද් නබිතුමාට එරෙහිව කරන ලද අපහාසාත්මක ප්‍රකාශයන් හේතුවෙන් කුවේට් සුපිරි වෙළඳසැලක් එහි රාක්කවලින් ඉන්දීය නිෂ්පාදන ඉවත් කර තිබේ.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් රාජ්‍යය සහ කලාපයේ අනෙකුත් රටවල් එම ප්‍රකාශය දැඩි ලෙස විරෝධය දක්වා ඇත.

එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඉන්දියාව සමාව ගත යුතු යැයි කටාර් රාජ්‍යය ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS