ඇමෙරිකන් ජනපති තුර්කි ජනපති හමුවෙයි



බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර නේටෝ සමුළුවට සමගාමීව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතර හමුවක් පැවැත්විණි.

බයිඩන් සහ එර්දොවාන් අතර පැවැති මත ගැටුම් හේතුවෙන්, දෙදෙනා එකිනෙකා හමුවේවිද යන්න සම්බන්ධයෙන් සැකයක් පැවැතිණි.

කෙසේ නමුත්, බයිඩන් සමුළුවට සහභාගී වීමට අසුන් ගෙන සිටි තුර්කි ජනාධිපතිවරයා අසලට පැමිණ ඔහු සමඟ කතාබහ කළේය.

තුර්කි ජනාධිපතිවරයා පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේ, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සමඟ තමන්ට සාකච්ඡා කිරීමට හැකි වුණු බවත් ඵලදායී අයුරින් එම සාකච්ඡා අවසන් වූ බවත්ය.

(ඩේලිමේල්)


RECOMMEND POSTS