ඇම්බර්ට සෞදියෙන් මංගල යෝජනාවක්
මේ දිනවල වඩාත් කතාබහට ලක් වන හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ් ට සෞදි ජාතිකයකුගෙන් මංගල යෝජනාවක් ලැබී ඇතැයි ‘ගල්ෆ් නිවුස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
ඇම්බර් හර්ඩ්, ජනප්රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප්ගේ හිටපු බිරිඳය. දෙදෙනා දික් කසාද වූයේ 2017 දීය. දෙදෙනා විවාහ වූයේ 2015 දීය.
ඇම්බර් හර්ඩ් සහ ජොනී ඩෙප් එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය පසුගිය සතියේ අවසන් වූයේ ජොනී ඩෙප්ට වැඩි වාසි සිදුවන ආකාරයටය.
ජොනී ඩෙප්, ඇම්බර් හර්ඩ්ටත්, ඇම්බර් හර්ඩ් ජොනී ඩෙප්ටත් වන්දි මුදල් ගෙවීමට අධිකරණය තීන්දු කළේය.
ජොනී ඩෙප්ගේ කීර්ති නාමය කෙළෙසීමට උත්සාහ කළේ යැයි යන චෝදනා එල්ල වීමත් සමග ඇමේබර් හර්ඩ්ට දොස් අහන්න සිදුවිය.
ඇගේ රසික රසිකාවියන් පවා ඇයට වෛර කරන්න විය. ඇය රංගනයෙන් දායක වීමට නියමිත චිත්රපටවලින් පවා ඇය ඉවත් කර ඇතැයි පැවැසෙයි.
ඇම්බර් හර්ඩ්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුම ඔස්සේ පණිවුඩයක් සටහන් කරමින්, සෞදි ජාතිකයා පවසා ඇත්තේ, ලොවෙන් කොන් වුණු ඇමේබර් හර්ඩ් බාර ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බවය.
‘ඔබ විවාහ කර ගන්න මා කැමැතියි. අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ඊට ලැබේවි. ඔබ වැනි කෙනෙකු පබන පිරියා වාසනාවන්තයි. මා ඒ මහල්ලාට වඩා හොඳයි’ යැයි සෞදි ජාතිකයා වසා තිබේ. මෙම සෞදි ජාතිකයා ‘මහල්ලා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ ජොනී ඩෙප් ය.
(ගල්ෆ් නිවුස්)